https://docs.google.com/forms/d/1mog1wdYa40aa6E6Zq3RQOOUmBSzkYXKNLA0U29JwQ7o/edit?usp=sharing

Sunday, June 15, 2008

ඩෙංගු ගැන දැන ගනිමු..ඩෙංගු මර්දනය කරමු..

ඩෙංගු මදුරුවා


ශ්‍රී ලංකාවේ දැනට මදුරු වර්ග 140 ක්  පමණ සිටින අතර ඊඩිස් ඊජිප්ටයි හා  ඊඩිස් ඇල්බොපික්ටස් යන මදුරු විශේෂ දෙක පමණක් ඩෙංගු රෝග කාරක වෛරසය සංසරණය කිරීම සඳහා දායක වේ. මෙම මදුරු විශේෂ දෙක ඔවුන්ගේ ශරීරයේ ඇති සලකුණු නිසා පහසුවෙන් හඳුනාගත හැක.
Aedes Aegypti

Aedes Albopictus


Life Cycle
ඊඩිස් මදුරුවන්ගේ ජීවන චක්‍රයේ ජලජ (බිත්තර, කීට හා පිලා අවස්ථා) හා ගොඩබිම අවස්ථා (සුහුඹුල් මදුරුවා) ඇති අතර ගැහැණු මදුරුවන් ජලය සහිත බඳුන් වල ජල මට්ටමට මඳක් ඉහලින් තෙත සහිත පෘෂ්ටයේ බිත්තර (1 වන රුපය) අලවන අතර මෙම බිත්තර වතුර හා ගැටුන විට (වැස්ස නිසා හෝ වෙනත් ක්‍රමයකින් වතුර එකතුවීම මගින්) බිත්තර පුපුරා කීට අවස්ථාව (2 වන රුපය) බවට පත්වේ. මෙම මදුරු කීටයන් වතුරේ ඇති කාබනික ද්‍රව්‍ය හා කුඩා ක්‍ෂුද්‍ර ජීවින් ආහාරයට ගනිමින් 1වන කීට අවස්ථාවේ සිට 4 වන කීට අවස්ථාව වන තෙක් පැමිණේ. කීටයා අවශ්‍ය ශරීර ප්‍රමාණයට පැමිණීමෙන් පසු හා අවශ්‍ය ශක්තිමත් භාවය ලබා ගැනීමෙන් අනතුරුව 4 වන  කීට අවස්ථාවෙන් පිලවා (3 වන රුපය) අවස්ථාවට පත්වේ. මෙම ජීවන චක්‍රය සම්පුර්ණ කිරීම සඳහා දින 8-10 අතර කාලයක් ගත කරනා අතර මෙය කීටයාගේ ආහාර ගැනීමේ ප්‍රමාණය මතද රඳා පවතී.
ඊඩිස් මදුරුවාගේ බිත්තර වලට අහිතකර පාරිසරික හා දේශගුණික තත්වයන් දරා ගෙන මාස ගණනාවක් වුවද නොනැසී සිටීමේ විශේෂ හැකියාවක් ඇති අතර මේ හේතුවෙන්  මදුරුවාගේ කීට අවස්ථා, පිලා අවස්ථා හා සුහුඹුල් අවස්ථාවන් විනාශ කලද  මදුරු බිත්තර රැඳි ඇති බඳුනකට ජලය වැටුන විගස බිත්තර පුපුරා නැවත මදුරුවන් බෝ වීමේ හැකියාව ඇත. අවාසනාවකට මෙන් බඳුන් වල ඇලී ඇති බිත්තර විනාශ කිරීම සඳහා විශේෂ ක්‍රම වේදයක් දැනට නොමැත.  මදුරුවාගේ ජීවන චක්‍රය තුල ඇති මෙවන් අනුවර්තන නිසා බොහෝ අවස්ථාවල ඩෙංගු මදුරුවන් මර්දනය කිරීම එතරම් පහසු නොවේ.      
  

මදුරුවන් බෝවිය හැකි ස්ථාන


ඩෙංගු රෝගය ව්‍යාප්ත කරන මදුරු වර්ග 2 ක වන  ඊඩිස් ඊජිප්ටයි හා ඊඩිස් ඇල්බොපික්ටස් මදුරුවන් විවිධ වර්ගයේ බඳුන් තුල බිත්තර දැමීම මගින් තම වර්ගයා බෝ කරන අතර එලෙස බෝවන ස්ථාන පහත සඳහන් පරිදි වර්ගීකරණය කල හැක
  1. ඉවතලන පහසුවෙන් දිරා නොයන ද්‍රව්‍ය
  2. ඉවතලන දිරායන ද්‍රව්‍ය
  3. වැහි ජලය රැඳිය හැකි ස්ථාන, අවහිර වූ වැහි පිහිලි සහ කොන්ක්‍රීට් වහල
  4. ආවරණය නොකරන ලද ජලය එක් රැස් කරන බඳුන් හා ටැංකි
  5. ජලය එක්රැස් විය හැකි ගෘහ අලංකරණය සඳහා යොදාගන්න විවිධ භාණ්ඩ හා විසිතුරු බඳුන්
  6. විශේෂ ගෘහ උපකරණ: ශීතකරණ හා වායු සමීකරණ තැටි
  7.  සතුන්ට බීමට වතුර තබා ඇති කුඩා බඳුන්, කුහුඹි උගුල්
  8. ශාක, ශාක කොටස් හා ගස්වල බෙන
  9. වෙනත්